දේශීය

රාජගිරියේ රිය අනතුරකින් සිව් දෙනෙකුට තුවාල

(UTV | කොළඹ) –  රාජගිරිය ගුවන් පාළම ආසන්නයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (11) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

බත්තරමුල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

අනතුරින් තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතළත් කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

අනතුරෙන් මෝටර් රථ දෙකෙහි ගමන් කළ පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර හේතුවෙන් රාජගිරිය අවට සුළු රථ වාහන තදබදයක් ද හට ගත්තා.

වැලිකඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ මෙහෙයවනු ලබයි.

Related posts

දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ගින්නට අදාළ සැකකරුවෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිස් ගමගේ යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment