දේශීය

ගිණි නිවීමේ සහ මුදවා ගැනීමේ යාත්‍රාවක් ලංකාවෙන් [PHOTOS]

(UTV | කොළඹ) – සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන ලද ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් දියඹට මුදා හැරීම අද (10) සිදුකරනු ලැබීය.

මෙම යාත්‍රාවේ පරීක්‍ෂණ චාරිකා වාරයක් සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාද සහභාගි වී සිටියේය.

පැයට මුහුදු සැතපුම් 35ක වේගයෙන් යාත්‍රා කිරීමේ හැකියාවක් මෙම යාත්‍රාව සතුව පවතියි.

දේශීය නිශ්පාදකයෙකු වන සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් නිශ්පාදනය කරන ලද මෙම අති නවීන ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ යාත්‍රාව දිග මීටර 17.91 ක් සහ පළල මීටර 6.91 කින් යුක්ත වේ.

තවද ගිණි නිවීම සඳහා අති නවීන තාක්‍ෂණයෙන් යුත් අධි පීඩන වතුර විදිනයන් ‍දෙකක් ද මෙම යාත්‍රවේ ස්ථාපිත කර ඇත.

නවීන අංග උපාංගයන් රැසකින් මෙම යාත්‍රාව සමන්විත අතර , මෙවැනි යාත්‍රා නිශ්පාදනය කර විදේශ රටවල් සඳහා අලෙවි කිරීමෙන් ඉතා ඉහළ ආර්ථික වාසි මෙරටට ලබා ගැනීමේ හැකියාවක් පවතින බව නාවික හමුදාව සඳහන් කරයි.

 

 

 

 

 

Related posts

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Editor O

මෙරට වාහන සිහිනයට චීනයෙන් විසඳුමක්

Mohamed Dilsad

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස යළි විවෘතයි

Mohamed Dilsad

Leave a Comment