දේශීයව්‍යාපාරික

වැලි මිල පහත දැමීමට රජයේ අවධානය

(UTV | කොළඹ) –  ඉදිරි කාලයේ දී වැලි කියුබ් එකක මිල රුපියල් 12,000 ක් දක්වා පහළ යනු ඇති බව රජය පවසයි.

මේ වන විට එහි මිල පවතින්නේ රුපියල් 15,000 ත්, 16,000 ත් අතර මිලකටය.

රජය තීරණය කර ඇත්තේ පාරිභෝගික ජනතාවට අඩු මිලට වැලි ලබාදීම සඳහා කොළඹ නගරයේ වැලි පොළ 10 ක් ඉදිකිරීමටයි.

එමෙන්ම, ප්‍රධාන නගරවල ද වැලි පොළ 05 බැගින් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති අතර රජය මගින් වැලි කැණීමට ද ඉදිරියේදී පියවර ගනු ඇති බව වාර්තා වෙයි.

Related posts

ලුණු මිලට වෙච්ච දේ…

Editor O

මහවැලි ගඟ පහළ නිම්නයට මහා ගංවතුරක් ; ප්‍රදේශ රැසක් යටවෙයි…

Editor O

දිවයින පුරා වනජීවි නිලධාරින් වෘත්තිය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

Leave a Comment