දේශීයවිදෙස්

කොරෝනා වෛරසය වැළැක්වීමට ඇමරිකානු කණ්ඩායමක් චීනයට

(UTV | කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ අමෙරිකානු වසංගත රෝග විද්‍යාඥයින් කණ්ඩායමක් සහ එරට රාජ්‍ය නිලධාරීන් පිරිසක් චීනය වෙත යාමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ලබාගැනීමට චීනය තීරණය කර ඇති අතර චීනයේ අවසරය හිමිවූ වහාම එරටට ඇතුළුවීමට අදාළ අමෙරිකානු කණ්ඩායම සූදානම් බව එහි නියෝජිතයින් සඳහන් කර තිබුණි.

නව කොරෝනා වයිරස් අවදානම වැළැක්වීම සදහා වන ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 675 ක් අවශ්‍ය බවත් අවදානමට ලක්විය හැකි රටවල් ආරක්ෂා කිරීම වෙනුවෙන් හදිසි සහාය අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇත.

Related posts

චීන පොහොර සමාගමට ගෙවීම් සිදු කරන ලකුණු

Mohamed Dilsad

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලංකාවට ගෙන්වීම කෙරෙහි අවධානය

Mohamed Dilsad

පොහොර ආනයනය පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ලබාදීමේ උත්සාහයක්

Editor O

Leave a Comment