දේශීය

කරන්නාගොඩට 3 වන වරටත් සිතාසි

(UTV | කොළඹ) – හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට 2008/2009 කාලසීමාවේදී කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව 3 වන වරටත් සිතාසි නිකුත් කර තිබේ.

අද (07) විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව යළිත් කැඳවූ අවස්ථාවේදී මෙලෙස සිතාසි නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපතිවරයා අද දිනයේදීත් අධිකරණය හමුවේ පෙනී නොසිටී අතර වත්මන් නාවික හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා හරහා මෙම සිතාසිය යොමු කරවන ලෙසට අධිකරණය දන්වා සිටියේය.

ලබන 24 වන දින වැඩිදුර නඩු විභාගය සිදුකිරීමට නියමිතයි.

Related posts

අමාත්‍යංශ කිහිපයක විෂය පථය සංශෝධනය කරයි.

Editor O

දිස්ත්‍රික් හතරකට නයයෑමි අවධානම් ඇති බවට රතු නිවේදනයක්

Editor O

ඊයේ ආසදිතයින්ගෙන් 10දෙනෙක් නාවිකයින්

Mohamed Dilsad

Leave a Comment