දේශීයප්‍රමුඛ පුවත 1

කෝප් සහ කෝපා සඳහා නව සභාපතිවරුන් පත් කිරීම අදයි

(UTV | කොළඹ) – පොදු ව්‍යාපාර කාරක සභාව (cope) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (copa) සඳහා නව සභාපතිවරුන් පත් කර ගැනීම අද (07) සිදුවීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කෝප් කමිටුව අද පස්වරු 2.00 ටද රාජ්‍ය ගිණුම් කාරක සභාව අද පස්වරු 2.30 ටද රැස්වීමට නියමිත බවයි.

අවසාන කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කටයුතු කල අතර ලසන්ත අලගියවන්න මහතා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

Related posts

රුක් රෝපණ නැකත අදයි

Mohamed Dilsad

වත්මන් රජය රාජ්‍ය සේවකයින්ට උපරිමයෙන් වැටුප් වැඩිකලා [VIDEO]

Mohamed Dilsad

පාර්ලිමේන්තුවත් යට වෙයිද?

Mohamed Dilsad

Leave a Comment