දේශීය

‘හතේ අපේ පොත’ පිළිබදව අද තීරණයක්

(UTV | කොළඹ) –  ‘හතේ අපේ පොත’ ග්‍රන්ථය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (06) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

පසුගිය රජය සමයේ සෞඛ්‍ය අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව පාසල්වල 07 ශ්‍රේණිය සිසුන් සඳහා මෙම ග්‍රන්ථය හඳුන්වාදෙනු ලැබූ අතර

මෙම කෘතිය ළමා මනසට නොගැලපෙන සහ අසභ්‍ය කරුණු ඇතුලත් එකක් බවට ඇතැම් පාර්ශව චෝදනා කිරීමත් සමග ඒ පිළිබඳ රටතුල මහත් ආන්දෝලනයක් ඇතිවුණා.

හතේ අපේ පොත නැමති ග්‍රන්ථය ළමා මනසට අතිශය වැදගත් සහ තවදුරටත් පවත්වාගෙන යා යුතු ග්‍රන්ථයක් බව විද්වතුන් ඇතුලු තවත් පාර්ශව ගණනාවක් අවසන් වරට පැවති ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පෙන්වා දී තිබුණා.

ඒ අනුව අද පැවැත්වෙන රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

Related posts

රත්තොටදී සමෘද්ධි නිලධාරියාට පහරදුන් පිරිස රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හම්බන්තොටට

Mohamed Dilsad

අංගොඩ ලොක්කා අපරාධවලට යොමුකළ “චීටි” මුල්ලේරියාවේදී අත්අඩංගුවට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment