දේශීය

විදුහල්පතිනියගෙන් පහරක කෑමට ලක්වූ සිසුවියක් අක්ෂි රෝහලට

(UTV | කුලියාපිටිය) –  විදුහල්පතිනියකගේ පහර කෑමට ලක්වූ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් කොළඹ ජාතික අක්ෂි රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සිද්ධිය වාර්තා වන්නේ කුලියාපිටිය – කඩිගමුව මහා විද්‍යාලයෙන්.

පසුගිය සඳුදා පැවති නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී තම දියණිය මෙලෙස පහරකෑමට ලක්ව ඇති බව දියණිගේ පියා සඳහන් කළේය.

අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබන දැරිය සඳහන් කර ඇත්තේ තවත් සිසු සිසුවියන් පිරිසකට විදුහල්පතිනිය පහරදීමේදී තමන්ටද පහරවැදුණු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා බිංගිරිය පොලීසියට පැමිණිල්ලක්ද යොමුකර ඇත.

මේ පිළිබදව වැඩිදුර තොරතුරු දැනගැනීමට එම විදුහල්පතිනියව සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වී ඇත.

Related posts

ග්‍රාම නිලධාරී වර්ජනය ඉදිරියට ගෙන යාමේ සුදානමක්

Mohamed Dilsad

පිල්ලෙයාන්ට වද දෙමින් ආණ්ඩුව කරන්නේ කොටි ඩයස්පෝරාව සතුටු කිරීමයි – මහින්ද පතිරණ

Editor O

උසස් පෙළ පැවැත්වෙන දිනය පාසල් ඇරඹීමෙන් පසු

Mohamed Dilsad

Leave a Comment