විදෙස්

මාරාන්තික කොරෝනා වෛරසය ජීවිත 425 ක් බිලිගනී

(UTV |චීනය) –  මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 425 දක්වා ඉහළ ගොස් තිබේ.

චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සෞඛ්‍ය කොමිසමේ දෛනික වාර්තාවලට අනුව කොරෝනා වෛරසය ආසාදිත වූ නව රෝගීන් ගණන 2345ක් වන අතර , ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිත වූ මුළු රෝගීන් සංඛ්‍යාව 19,550 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර කොරෝනා වෛරසය වැළදුණු රෝගීන්ට ප්‍රතිකාර කරන චීන රෝහල් තුළ භාවිත කරන මුඛ ආවරණවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමු කළ යුතු බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය අවධාරණය කර තිබේ.

දිනෙන් දින උග්‍ර ලෙස ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් එය පාලනය කිරීමට ඇමරිකානු විශේෂඥයින්ට සිය රටට පැමිණෙන ලෙසට චීනය ඉල්ලීමක් සිදුකර තිබෙන අතර විදෙස් වාර්තා සදහන් කළේ ඇමරිකාව එම ඉල්ලීම පිළිගෙන ඇති බවයි.

Related posts

ප්‍රබල එලනර් සුළි කුණාටුවෙන් යුරෝපයට බලපෑම් (ඡායාරූප)

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රප්ම්ගේ සහ ජෝ බයිඩ්න්ගේ අවසන් ගැටුම අද

Mohamed Dilsad

ඉන්දුනීසියාවට යළි භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment