දේශීය

කොරෝනා අවධානම තුරන් කිරීමට රට පුරා පිරිත් දේශනාවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව පුරාම එකම වේලාවකදී පිරිත් දේශනා පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ කොරෝනා වෛරස අවධානම තුරන් කිරීම අරමුණු කරගනිමින්.

මෙම පිරිත් දේශනා අනිද්දා (05) පස්වරු 6.00 ට  ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර එක් එක් පොලිස් වසම්වලට අදාල විහාරස්ථානවල භික්ෂුන් වහන්සේ එම බල ප්‍රදේශය තුල එකම ස්ථානයකට වැඩම කරවා රතන සූත්‍රය ප්‍රධානව පිරිත් දේශනයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙහි ප්‍රධාන වැඩසටහන අනිද්දා පස්වරු 6.00 ට පැපිලියාන සුනේත්‍රාදේවි පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන බවත් ඒ සඳහා ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා ඇතුලු පිරිසක් ඊට සහභාගී වීමට නියමිත බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Related posts

තවත් කොමසාරිස්වරයෙක් පත් කෙරෙයි

Mohamed Dilsad

පොහොසත් රටේ : පොල් බෑය රු. 120යි.

Editor O

අපරාධ මැඩලීම්වලදී සැකකරුවන් ලක්ෂයකට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment