දේශීය

නීත්‍යානුකූලව ඉවත් නොවූ නාවික හමුදා සෙබලුන්ට පොදු සමාකාලයක්

(UTV| කොළඹ) –  සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් නොවූ සහ සේවය හැරගිය සියලුම නාවික හමුදා සෙබලුන්ට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේ පෙබරවාරි 4 වනදාට යෙදී ඇති ජාතික නිදහස් දිනයට සමගාමීව මෙය ප්‍රකාශයට පත්කර ඇති බවයි.

මේ අනුව පෙබරවාරි 5 වනදා සිට සතියක කාලයක් දිවයිනේ ඕනෑම නාවික හමුදා කඳවුරකට පැමිණ භාරවීමේ අවස්ථාව සලසා දී තිබේ.

පොදු සමාකාලය යටතේ සේවයට එක්වන කිසිඳු සාමාජිකයෙකු දඩුවමකට යටත් නොවන බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

Related posts

චීනයේ පැතිර යන වෛරස් රෝගය පිලිබඳ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක්

Mohamed Dilsad

ලැබුණ ජනවරම නොතකන වත්මන් ආණ්ඩුව රනිල් සරණ යනවා. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment