දේශීය

ලබන සදුදා පාසල් 15 ක් වැසේ

(UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ඇතුළුව පාසල් 15 කට පෙබරවාරි 03 වැනි සඳුදා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.

ඒ ජාතික නිදහස් දින සමරු උළෙලෙහි පුහුණු කටයුතු හේතුවෙන්.

පෙබරවාරි 04 වැනි දින නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිත 72 වැනි ජාතික දින උළෙලේ ආචාර පෙලපාලියේ අවසන් පුහුණු කටයුතු එදින සිදු කිරීමට නියමිත බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

ඒ හේතුවෙන් මතුවිය හැකි රථවාහන තදබදය අවම කිරීම පිණිස මෙම පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

1 –   ඩී එස් සේනානායක විද්‍යාලය – කොළඹ

2 –   යශෝධරා විද්‍යාලය – කොළඹ

3 –    සෙන්ට් බ්‍රිජට්ස් විද්‍යාලය – කොළඹ

4 –  ‍රාජකීය විද්‍යාලය – කොළඹ

5 –  මියුසියස් විද්‍යාලය – කොළඹ

6 – තර්ස්ටන් විද්‍යාලය – කොළඹ

7 –  Lady’s College – Colombo

8 –  Wycherley International School – Colombo

9 –  Colombo International School – Colombo

මිට අමතරව, කොළඹ මහානාම විද්‍යාලය, පොල්වත්ත ශාන්ත මයිකල් පිරිමි විද්‍යාලය සහ පොල්වත්ත ශාන්ත මේරි කාන්තා විද්‍යාලය (කණිෂ්ඨ විද්‍යාලය ද ඇතුළුව) ජනවාරි 30 ප.ව. 2.00 සිට පෙබරවාරි 4 සවස 5.00 දක්වා වසා තැබේ.

ඒ පුහුණු කටයුතු සඳහා සහභාගී වන ආරක්ෂක අංශවල නිලධාරීන්ට නවාතැන් පහසුකම් ලබාදීම හේතුවෙන්.

තවද මේ හේතුවෙන් කොළඹ 12 – මිහිදු මහා විද්‍යාලය, කොළඹ 10-අල් හිදායා විද්‍යාලය සහ කොළඹ10-අශෝක විද්‍යාලය වෙත 2020 පෙබරවාරි 03 පෙරවරු 9.00 සිට පෙබරවාරි 04 වැනි දා රාත්‍රිය වන තෙක් ද නිවාඩු ලබා දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත්තේ මෙසේ නිවාඩු ලබා දීම නිසා සිසුන්ට මඟහැරෙන ඉගැන්වීම් කටයුතු වෙනත් දිනයක් යොදා ගනිමින් ආවරණය කරන ලෙසයි.

Related posts

මෙරට මුදල් රැගෙන ගිහින් විදේශ රටවල්වල සමාගම් ආරම්භ කළ අය සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් ප්‍රකාශයක්

Editor O

නිදහස් දිනය වර්ජනය කිරීමට TNA තීරණයක්

Mohamed Dilsad

බස් හිමියන්ට ලබන සතියේ ලැබෙන සහනය

Mohamed Dilsad

Leave a Comment