දේශීය

මෙරට චීන තානාපති සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

(UTV | කොළඹ) – ඊයේ (30) පස්වරුවේ මෙරට සිටින චීන තානාපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කළේ චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවූ බවයි.

නව කොරෝනා වෛරසය පාලනයට චීන රජයට කල හැකි සෑම උත්සාහයක්ම දරන බව තානාපතිවරයා එහිදී සඳහන් කරයි.

අදාළ ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් යානයක් යෙදවීමට රටවල් දෙකම කටයුතු කෙරෙමින් පවතින බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කංජිපානි ඉම්රාන් යලි රිමාන්ඩ්

Mohamed Dilsad

හේමසිරි සහ පූජිත් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මහජන ආරක්ෂක අමාත්‍යාංශ⁣ වෙබ් අඩවියේ ආරක්ෂාව බිඳවැටුණු බවට, මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගෙන් පැමිණිල්ලක්

Editor O

Leave a Comment