දේශීය

කොරෝනා ජයගත හැකි බවට චීනයෙන් ප්‍රකාශයක්

(UTV | චීනය) –  මාරාන්තික කොරෝනා වෛරසය ජයගත හැකි බවට චීන රජය නිවේදනය කරයි.

චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරය ඇතුළු කොරෝනා වෛරසය පැතිර ඇති පළාත් තුළ වසංගත තත්ත්වය පාලනය සඳහා චීන මධ්‍යම රජය විසින් වසංගත පිටුදැකීමේ ප්‍රබල හා පුළුල් ජාලයක් ක්‍රියත්මක කර ඇති බැවින් මෙම වසංගත තත්ත්වය ජයගත හැකි බවට චීනය දැඩිව විශ්වාසය පළ කරයි.

වසන්ත උළෙලෙන් පසු චීන ජාතිකයන් ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණීම ගැන මෙරට ජනතාවට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බව ද ඔවුන් අවධාරණය කරයි.

හුබෙයි පළාතේ සිටින ශ්‍රී ලංකාවේ සේවය කරන චීන සමාගම්වල සේවකයන්ට යළි ශ්‍රී ලංකාව බලා සිදුකරන සංචාරයන් තාවකාලිකව නවත්වන ලෙසත්, වෙනත් පළාත්වලින් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සේවකයන් අවම වශයෙන් දින 14 ක නිරෝධායන කාලයක් ගත කරන ලෙසත් චීන තානාපති කාර්යාලය විසින් දැනටමත් එරට ජනතාව දැනුවත් කර ඇත.

Related posts

රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

Editor O

පරිභෝජනයට නුසුදුසු ලොකු ළුෑණු කිලෝ 60,000ක් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment