දේශීය

දුරකථන බදු ගාස්තු අඩු කර නැත්නම් පැමිණිලි කරන්නැයි ඉල්ලීමක්

(UTV | කොළඹ) – දෙසැම්බර් පළමුවනදා සිට විදුලි සංදේශ බදු අඩු කිරීම හමුවේ පාරිභෝගිකයන්ගෙන් අමතරව අය කරන ලද මුදල ජනවාරි මස බිල්පතෙන් අඩු කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසම සේවාදායක සමාගම් වලට දන්වා තිබේ.

එම කොමිසම පවසන්නේ බදු සහනය ක්ෂණිකව ලබාදීමේ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් පෙර ගෙවුම් පැකේජ කිහිපයක අඩු කල බදු ප්‍රමාණයන්ට සාපේක්ෂව පැවති මිලටම සේවා ප්‍රමාණය වැඩි කර ඇති බවයි.

එලෙස වැඩිපුර අයකර ගත් මුදල අනිවාර්යයෙන්ම ජනවාරි මස බිල්පතෙන් අඩු කිරීමට අදාළ සමාගම්වලට උපදෙස් දී ඇති අතර කිසියම් සේවාදායක සමාගමක් පාරිභෝගිකයන්ගෙන් වැඩිපුර බදු අය කරන්නේ නම් වහා විදුලි සංදේශ නියාමන කොමිසම දැනුවත් කරන ලෙසට එම කොමොසම පරිබෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

ජනතාවට අවශ්‍ය වන්නේ චක්‍රලේඛ නොව ප්‍රතිඵලයි

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් තිබුණේ නැහැ – මහින්ද රාජපක්ෂ

Editor O

අද මෙරටින් කොරෝනා ආසාදිත රෝගියකු වාර්තා නොවේ

Mohamed Dilsad

Leave a Comment