දේශීය

කෙරෝනා තවදුරටත් ව්‍යාප්ත වුවහොත් කතෝලික පාසැල් වසනවා – අගරදගුරු

(UTV | කොළඹ) – දිනෙන් දින උග්‍ර වෙමින් පවතින කොරෝනා වෛරසය පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වුවහොත් කතෝලික සභාව මගින් පාලනය වන සියලුම පාසල් වසා දැමීමට පියවර ගන්නා බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කළහ.

උන්වහන්සේ මේ බව සඳහන්කර සිටියේ බොරැල්ල අගරදගුරු මැදුරේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය භාර පුද්ගලයින් ගන්නා තීන්දු තීරණ වලට ද එකඟව කටයුතු කරන බව උන්වහන්සේ අවධාරණය කළහ.

චීනයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් රජයට සිය ස්තූතිය පළකරන බවද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

ඉන්දීය කුල භේදය අමෙරිකාවටත් වදයක් වෙයි – අලුත් නීතියකුත් සම්මත කෙරෙයි

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ආචාර්යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම්..?

Editor O

කොටුව – මාතලේ අතර ලබන දෙවනදා සිට නව දුම්රිය ධාවනයක්

Mohamed Dilsad

Leave a Comment