විදෙස්

කොරෝනා හේතුවෙන් තාවකාලිකව වැසූ ෂැංහයි ඩිස්නිලන්තය

(UTV | චීනය) – සංචාරකයින් අතර ප්‍රචලිත ෂැංහයි ඩිස්නිලන්තය , චීනයේ මාරාන්තික කොරෝනා වෛරසය ‍හේතුවෙන් තාවකාලිකව වසා තැබීමට තීරණය කර ඇත.

එහි පාලනාධිකාරිය නිවේදනය කරන ආකාරයට හෙට (25) දින සිට යළි දැනුම් දෙන තුරු එම උද්‍යානය වසා දැමීමට පියවර ගෙන තිබේ.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණයට ලක්වූ ෂැංහයි ඩිස්නිලන්තයේ නව අවුරුදු නිවාඩු සමය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ බව සඳහන් වේ.

පවතින තත්ත්වය හමුවේ සංචාරකයින්ගේ මෙන්ම කාර්යය මණ්ඩලයේ ද ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ඩිස්නිලන්ත පාලනාධිකාරිය දැනුම් දී ඇත.

වෝල්ට් ඩිස්නි සමාගම විසින් ඉදිකරන ලද ෂැන්හයි ඩිස්නිලන්තය 2016 වසරේ විවෘත කෙරුණු අතර වාර්ෂිකව මිලියන ගණනක සංචාරකයින් පිරිසක් එහි පැමිණෙන බවවිදෙස් වාර්තා පෙන්වා දෙයි.

Related posts

ට්විටර් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්

Mohamed Dilsad

ඇමෙරිකාව උතුරු කොරියාවට අනතුරු අඟවයි

Mohamed Dilsad

බ්‍රසීලයේ වසර 40ක පැරණි ගොඩනැගිල්ලක් කඩාවැටේ

Mohamed Dilsad

Leave a Comment