දේශීය

බන්ධනාගාර බස්රථයක් අනතුරට ලක්වී 12 කට තුවාල

(UTV | අඹන්පොල) –  අඹන්පොල කලුවිලපතාන ප්‍රදේශයේදී බන්ධනාගාර බස්රථයක් අනතුරට ලක්වීමෙන් බන්ධනාගාර නිළධාරින් තිදෙනෙකු සහ රැඳවියන් නව දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (23) පෙරවරු 11.30 ට පමණ ගල්ගමුව අධිකරණයේ සිට මහව බන්ධනාගාරය වෙත සැකකරුවන් රැගෙනයමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය පැවසීය.

තුවාල ලැබූ 12 දෙනා අතර බන්ධනාගාර බස් රියදුරුද වන අතර , තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ගල්ගමුව රෝහල වෙත ඇතුලත් කර ඇත.

අතුරු මාර්ගයක සිට පසුපසට ධාවනය වූ ලොරියක ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බන්ධනාගාර බස් රථය ගැටී ඇති අතර පසුව එය පස් කන්ඩියක්ද ගැටී මාර්ගය හරහා පෙරලී තිබේ.

ලොරි රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර , හෙට (24) මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ස්විට්සර්ලන්තයෙන් පළමු කොවිඩ් 19 ආසාදිතයා වාර්තා වෙයි

Mohamed Dilsad

මෙරට අසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

කොරෝනා ආසාදිත O/L සිසුන්ට දිස්ත්‍රික් මට්ටමින් විභාග මධ්‍යස්ථාන

Mohamed Dilsad

Leave a Comment