ක්‍රීඩා

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන සහ අවසන් දිනය අද (23) පැවැත්වීමට නියමිතයි.

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 30ක් රැස් කර ගත් අතර සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 295ක් රැස් කර ගෙන සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 515ක් රැස් කර ගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේට ලබා දුන්නේය.

අනතුරුව ලකුණු 157ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 30ක් රැස් කර ගෙන සිටියේය.

Related posts

ක්‍රිකට් ලෝක කුසලානය ප්‍රදර්ශනය ජනාධිපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තීරණාත්මක තරගය අද

Mohamed Dilsad

එංගලන්ත සංචාරයේ උපදේශක පුහුණුකරු ටොම් මූඩි

Mohamed Dilsad

Leave a Comment