දේශීය

මිරිහාන ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

(UTV | කොළඹ) – තියුණු ආයුධයකින් පහරදී පුද්ගල ඝාතනයක් කළ සැකකරුවෙකු සොයා පොලිස් විමර්ශණ ආරම්භ වී තිබේ.

මිරිහාන නාවින්න ප්‍රදේශයේදී සිදුවූ මෙම ඝාතනය බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සිදුවී ඇති බව වාර්තා වේ.

සැකකරු ඊයේ (23) රාත්‍රී 8.50 ට පමණ මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය සදහන් කරයි.

මියගිය පුද්ගලයා නාවින්න ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි අයෙකු වන අතර මිරිහාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.

Related posts

බොරතෙල් නැව් දෙකක් ලබන මස දිවයිනට

Mohamed Dilsad

විදෙස් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් නිරෝධායනයට යොමු කරයි

Mohamed Dilsad

පුත්තලමට පොලිස් ඇඳිරි නීතිය[PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment