දේශීය

අල්ලස් ගැනීමට තැත් කල නිලධාරියෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – ආගමන විගමන කාර්යාලයේ පුරවැසි අංශයේ කළමනාකාර සහකාරවරයෙකු අල්ලස් ලබා ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉතාලියේ පුරවැසිභාවය ලැබූ පුද්ගලයෙකු තම දරුවන් තුන්දෙනාට මෙරට පුරවැසිභාවය ලබා ගැනීමට සහ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අවශ්‍ය ලේඛන සකස් කර ගැනීම සඳහා ඊයේ පැමිණි අවස්ථාවේ සැකකරු විසින් රුපියල් 5000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබුණි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහන් කළේ එම මුදල ආගමන විගමන කාර්යාලය තුළදී ලබා ගන්නා අවස්ථාවේ සැකකාර කළමනාකාර සහකාරවරයා අත්අඩංගුවට ගත් බවයි.

Related posts

කෙහෙල්බද්දර පද්මේගේ මවගෙන්, අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

Editor O

පාස්කු ප්‍රහාරය ගැන කතෝලික පල්ලි දැන් සිටියේද?

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කරන්න තියා, වෙනස් කරන්න ඉල්ලීමක්වත් වත්මන් ආණ්ඩුව කරලා නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

Editor O

Leave a Comment