දේශීය

පාර්ලිමේන්තු කාරක සභා සම්බන්ධයෙන් කථානායකගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා සඳහා පත් කළ යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම යෝජනා හැකි ඉක්මනින් ලබා දෙන ලෙස ගරු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

ඔහු අද (21) පාර්ලිමේන්තුවේ පැවති තේරීම් කාරක සභාවේදී ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලබන 23 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට ද තේරීම් කාරක සභාවේදී තීරණය කරන ලදී.

 

 

Related posts

බැසිල් රාජපක්ෂ ඇමරිකාවේදී අසනීප වෙලා

Editor O

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට

Mohamed Dilsad

කොවිඩ් දෙවන් රැල්ල ගැන හමුදාපතිගෙන් අනාවරණයක්

Mohamed Dilsad

Leave a Comment