දේශීය

“හතේ අපේ පොත” ග්‍රන්ථය පිළිබඳ අවසන් තීරණය අද

(UTV | කොළඹ) –  පසුගිය දිනවල සමාජයේ කථාබහට ලක්වූ “හතේ අපේ පොත” ග්‍රන්ථය නැවත පාසල්වලට නිකුත් කිරීම පිළිබඳ අද (21) අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.

අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හා කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඒකාබද්ධ රැස්වීමක් ලෙස එය පැවැත්වෙයි.

මෙම කෘතිය ළමා මනසට නොගැලපෙන සහ අසභ්‍ය කරුණු ඇතුලත් එකක් බවට ඇතැම් පාර්ශව චෝදනා කිරීමත් සමග මහත් ආන්දෝලනයක් ඇතිවිය.

හතේ අපේ පොත නැමති ග්‍රන්ථය ළමා මනසට අතිශය වැදගත් සහ තවදුරටත් පවත්වාගෙන යා යුතු ග්‍රන්ථයක් බව විද්වතුන් ඇතුළු තවත් පාර්ශව ගණනාවක් අවසන් වරට පැවති ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පෙන්වා දී තිබුණි.

ඒ අනුව අද පැවැත්වෙන ඒකාබද්ධ රැස්වීමේදී මේ සම්බන්ධ අවසන් තීරණය ගැනීමට නියමිතව ඇත.

Related posts

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කීපයකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදාහරී

Editor O

නවවැනි පාර්ලිමේන්තුවේ 02 වන සැසිය අද ඇරඹෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment