විදෙස්

චෙක් රාජ්‍යයේ නිවසක ඇති වූ ගින්නකින් 8 ක් මිය යයි

(UTV | කොළඹ) – චෙක් ජනරජයේ නිවසක ඇති වූ ගින්නකින් 8 දෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබේ.

වයඹදිග චෙක් ජනරජයේ ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් ඉදිකර තිබූ නිවසක ගින්නක් හටගෙන තිබේ.

එරට පොලීසිය පවසන්නේ නිවසේ පුද්ගලයින් 35 දෙනෙකු සිට ඇති බවයි.

පොලිස් නිලධාරියෙකු සහ එම නිවසේ කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනෙක් ද ඒ අතර වෙයි.

කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මැලේසියා හිටපු අගමැති යළි අත්අඩංගුවට

Mohamed Dilsad

අධික උෂ්ණත්වය පිළිබඳව උතුරු කොරියානු වැසියන්ට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

ප්‍රශ ජනපති බිරිඳත් ස්වයං නිරෝධායනයේ

Mohamed Dilsad

Leave a Comment