දේශීය

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව යළිත් කල් යයි

(UTV | කොළඹ) – නීතිපතිවරයා විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි පෙබරවාරි මස 09 වනදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කර තිබේ.

මෙම නඩුව අද (20) සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබුවේය.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් එහිදී එම නඩුවට අදාළ ලේඛන විත්තියේ නීතිඥවරුන් වෙත භාර දීම සිදු කෙරුණි.

Related posts

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

අද කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකට හිරු මුදුන් වෙයි

Mohamed Dilsad

තවත් 8 දෙනෙකු සොයාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයන් යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment