දේශීය

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව යළිත් කල් යයි

(UTV | කොළඹ) – නීතිපතිවරයා විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි පෙබරවාරි මස 09 වනදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කර තිබේ.

මෙම නඩුව අද (20) සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබුවේය.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් එහිදී එම නඩුවට අදාළ ලේඛන විත්තියේ නීතිඥවරුන් වෙත භාර දීම සිදු කෙරුණි.

Related posts

විදේශ අමාත්‍ය මානව හිමිකම් කවුන්සිලය අමතයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment