දේශීය

අද කොළඹ ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (18) පෙරවරු 9.00 සිට පැය 22 ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටවනු ලැබේ.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ වාර්ෂික නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටවන අතර ඊට කොළඹ , දෙහිවල-ගල්කිස්ස , කෝට්ටේ සහ කඩුවෙල වන නගර සභා බල ප්‍රදේශ අයත්.

රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සඳහාද මෙම ජල කප්පාදුව බලාත්මක වනු ඇත.

මහරගම , බොරලැස්ගමුව , කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලටද කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටද සෙනසුරාදා පෙරවරු 9.00 සිට ඉරිදා පෙරවරු 7.00 දක්වා ජලය සැපයීම අඩාල වනු ඇත.

Related posts

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විදුලිය විසන්ඳිවෙයි.

Editor O

අදත් පැය 3 ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

ටික්ටොක් ඝාතන සිද්ධියට සම්බන්ධ 6ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment