දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප නියෝජිතයින් 20 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි

(UTV | කොළඹ) – ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයන් 20 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ඒ පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය ගත් තීන්දුවට පිටින් යමින් සජිත් ප්‍රේමදාසට සහය දැක්වීම හේතුවෙනි.

එම පළාත් පාලන නියෝජිතයන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමටද සූදානම් බව වාර්තාවේ.

මෙම තීරණය ගෙන ඇත්තේ, පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ ඊයේ (16) රාත්‍රී පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.

 

Related posts

අයවැය ගැන තීරණයක් ගන්න නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

Mohamed Dilsad

අධිකරණ තීන්දුවලට ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රසිද්ධියේ බලපෑම් කරනවා – නීතීඥ ප්‍රේමනාත් දොළවත්ත

Editor O

මෙරට චීන තානාපති සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment