විදෙස්

කාශ්මීරයේ හිමකඳු නාය යෑමෙන් පුද්ගලයින් රැසක් ජිවිතක්ෂයට

(UTV | කාෂ්මීරය) – ගතවූ පැය 24ක කාලයකදී පාකිස්තාන කාෂ්මීරයේ සිදුවූ හිමකදු නායයාම් හේතුවෙන් පුද්ගලයින් 67 දෙනෙකු පමණකට ආසන්න පිරිසක් මියගොස් තිබේ.

කාශ්මීර කලාපයේ ස්ථාන කිහිපයක ඇති වූ හිමකදු නායයාම් කිහිපයකින් පුද්ගලයින් විශාල පිරිසක් මියගොස් ඇති අතර නායයාම් හේතුවෙන් සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුමක්ද මේ වනවිට ක්‍රියාත්මක වේ.

මෙහිදී පාකිස්තානයට අයත් කාශ්මීරයේ පමණ පුද්ගලයින් 60දෙනෙක් මියගොස් ඇති අතර ඉන්දීය කාශ්මීර වැසියන් දසදෙනෙක් මියගොස් තිබුණි.

හිම කඳු නායයාම්වලින් ජම්මු හා කාශ්මීර කලාපයේ නිවාස 53ක් මුලුමනින්ම පාහේ විනාශයට පත්ව තිබේ.

දැඩි වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති අතර, පාකිස්ථානයේ නීලම්වැලි ප්‍රදේශයට මේ වනවිටත් අධික වර්ෂාවක් පවතින බවට වාර්තා වේ.

එමෙන්ම බටහිර පාකිස්ථානයේ දැඩි හිම පතනය හේතුවෙන් නිරිතදිග බලූකිස්ථානයේ පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්ය.

එමෙන්ම ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය සම්බන්ධ වන මහාමාර්ගද දැඩි හිමපතනය හේතුවෙන් අවහිර වී තිබේ.

මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

Related posts

මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් චීනය විනාඩි 3 ක් නිහඞ වෙයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයට නව විදේශ ලේකම්වරයෙකු පත් කෙරේ

Mohamed Dilsad

ඇමෙරිකානු අභ්‍යවකාශ තාක්‍ෂණ නිර්මාතෘ තායිලන්තයට

Mohamed Dilsad

Leave a Comment