දේශීය

රාජිත සේනාරත්න රෝහලෙන් පිටව යයි

(UTV | කොළඹ) –  දින 18 ක් පුරාවට රෝහල්ගතව සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර කටයුතු අවසන් කර ඉන් පිටව ගොස් තිබේ.

පසුගිය මස 26 වැනිදා හිටපු අමාත්‍යවරයා නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරිණ.

වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකාර කටයුතු අවසන් කර හිටපු අමාත්‍යවරයා අද අලුයම රෝහලෙන් පිටව ගොස් තිබේ.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ද නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

Related posts

මේ වසරේ ගතවූ කාලය තුළ රට පුරා වෙඩි තැබීම් 67ක් : 37 ක් ජීවිතක්ෂයට

Editor O

පළාත් පාලන මැතිවරණයේ දී රාජ්‍ය බලය අවභාවිතා කිරීමේ සිදුවීම් රැසක් – පැෆරල්

Editor O

පාඨලීට එරෙහි නඩු විභාගය ලබන 30 දා සිට

Mohamed Dilsad

Leave a Comment