දේශීය

මාර්තු 1 වැනිදාට පෙර සියලුම උපාධිධාරීන්ට රැකියා

(UTV | කොළඹ) – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් මාර්තු මස 1 වැනිදා වන විට මෙරට සිටින සියලු රැකියා විරහිත උපාධිධාරින් සඳහා රැකියා ලබා දෙන බව පවසා තිබේ.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

2012 දී මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දීමට තීරණයක් ගත් බව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේය.

පසුගිය ආණ්ඩුව විසින් උපාධිධාරීන්ට ඉතා කුඩා කණ්ඩායමකට සංවර්ධන නිලධාරින් ලෙස පත්වීම් ලබා දුන් අතර මෙවර කිසිදු භේදයකින් තොරව මෙය සිදු කිරිමට සිටින ඔහු පැවසුවේය.

දැනට ඇති සංඛ්‍යා ලේඛන අනුව 50,000 කට අධික උපාධිධාරීන් පිරිසක් එලෙස ඇති බව පැවසු අමාත්‍යවරයා, එය කිසිදු භේදයකින් තොරව පාසල්වලට අන්තර් ගහණය කරන බවත් කියා සිටියේය.

Related posts

කුකුළු මස්, මාළු මිල ගැන තීරණයක් ගනී

Mohamed Dilsad

වුහාන් සිටි සිසුන් සියරට රැගෙන ඒම ලංකාව ලබාගත් ජයග්‍රහනයක් – රජය

Mohamed Dilsad

චීනයෙන්, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්

Editor O

Leave a Comment