දේශීය

ලංගම රියදුරන්ගේ ස්ථාන මාරු අවලංගු කරයි

(UTV | කොළඹ) –  රියදුරු ස්ථාන මාරුවීම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අවලංගු කරන ලෙස ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම් දී තිබේ.

ඒ , රියදුරු සහ කොන්දොස්තරවරුන්ට උසස්වීම් සහ ස්ථාන මාරුවීම් දීමෙන් දෛනිකව අවශ්‍ය නියමිත බස් රථ සංඛ්‍යාව ධාවනය කිරීමේ අපහසුතා උද්ගතවීම හේතුවෙන්.

ලංගම සතුව දැනට බස්රථ 6000 ක් පමණ තිබුණද ඉන් ධාවනය කල හැකි බස් රථ 2000 ක් පමණක් බවට තොරතුරු වාර්තා වෙයි.

Related posts

රඳවා ගැනීමේ බද්ද 10%ක් කිරීමෙන් පාරිභෝගිකයෝ ගිණුම්වලින් මුදල් ඉවත් කර ගනිති

Editor O

විදේශ ණය කළමනාකරනයට වෙනම ආයතනයක්

Editor O

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment