දේශීයප්‍රමුඛ පුවත 1

රාජ්‍ය අමාත්‍යවරු 3 කගේ විෂය පථයන් ගැසට් කරයි

(UTV | කොළඹ) –  රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකුගේ විෂය පථයන් ගැසට් කර ඇත.

ඒ අනුව , ජනක බණ්ඩාර තෙන්නකොන් සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් විසින් අදාළ ගැසට් පත්‍රයන් නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා යටතට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට, රාජ්‍ය භාෂා කොමිසම, භාෂා අධ්‍යාපන හා පුහුණුව පිළිබඳ ජාතික ආයතනය, මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව, රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල, ගැසට් කර ඇති බව සඳහන් වෙයි.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය, මිලාදොර ආයතනය, රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා යටතට පැවරෙනු ඇති.

මීට අමතරව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අදාළ විෂය පථයන් ද ගැසට් කර තිබේ.

Related posts

බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ සිසුන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙතින් දැනුම් දීමක්

Mohamed Dilsad

විශ්වවිද්‍යාල යළි විවෘත වන දින ප්‍රකාශ කෙරේ

Mohamed Dilsad

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන විදිය

Editor O

Leave a Comment