දේශීය

ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගනියි

(UTV| මහනුවර) –  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගෙන තිබේ.  

ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ජනාධිපතිවරයා පිලිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්.

මෙහිදී ජනාධිපතිවරයා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණි ජනතාව සමග සුහද කථාබහක ද නිරත වූවේය.

දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටුවහ.

අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා එහිදී එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

Related posts

හිටපු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ හදිසි අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශය – ACMC

Mohamed Dilsad

ළමයි 50ට වඩා අඩු ප්‍රාථමික පාසල් 1557ක් වහන සැලැස්මක් ගැන ලංකා ගුරු සංගමයෙන් අනාවරණයක්

Editor O

හදිසි දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment