විදෙස්

යුක්‍රේන ගුවන් යානයට අත්වැරදීමකින් පහරදුන් බව ඉරානය පිළිගනී

(UTV | ඉරානය) –  මගීන් 176 දෙනෙකු ගමන්ගත් යුක්‍රේන ගුවන් යානය අත්වැරදීමකින් පහරදී බිම හෙලු බව ඉරානය පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

පසුගිය බදාදා දිනයේදී ටෙහෙරාන් අගනුවර සිට යුක්රේනයේ කිව් නුවර හරහා කැනඩාවේ ටොරොන්ටෝ නුවර දක්වා දක්වා ගමන් කරමින් සිටියදී ගුවන් ගතවී විනාඩි කිහිපයකින් යානය කඩාවැටීමෙන් එහි ගමන් ගත් 176 දෙනාම ජීවිතක්ෂයට පත්විය.

නිවේදනයක් නිකුත් කරමින් ඉරාන බලධාරින් සදහන් කරන්නේ “මිනිස් අත්වැරද්දක්” හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

ඉරාන විප්ලවීය හමුදාවට අයත් සංවේදී මධ්‍යස්ථානයක් අසලින් ගමන් කරමින් සිටින විට යුධ ගුවන් යානයක් යැයි වරදවා වටහා ගැනීමෙන් ඊට පහර දී ඇතැයි ඉරාන හමුදාව උපුටා දක්වමින් එරට රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර තිබේ.

මීට සම්බන්ධ පාර්ශවවලට එරෙහිව පියවර ගන්නා බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

එක් දිනක් තුළ බ්‍රසීලයෙන් කොවිඩ් මරණ 4,000 ක්

Mohamed Dilsad

හදිසි ගින්නකින් මඟීන් රැසක් ජීවිතක්ෂයට [VIDEO]

Mohamed Dilsad

විරාමයේ හිමි වූ නිදහස

Mohamed Dilsad

Leave a Comment