දේශීයවිදෙස්

හැරී සහ මේගන් රජ පවුලේ වගකීම් වලින් ඉවත් වේ

(UTV | බ්‍රිතාන්‍ය) – ඔටුන්න හිමි හැරී කුමරුන් සහ මේගන් මාර්කල් ආර්යාව මහා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස කටයුතු කිරීමේ වගකීම්වලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

මූල්‍යමය වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමටද ඔවුන් විසින් තීරණයක් ගෙන ඇති අතර මෙම තීරණයත් සමඟ රජ පවුලේ සාමාජිකයන් ලෙස ඉටුකල යුතු ඇතැම් චාරිත්‍රවලින් නිදහස් වීමට ඔවුන්ට අවස්ථාව පවතී.

කෙසේවෙතත් රජ පවුලේ කිසිදු ඉහළ සාමාජිකයෙකුගේ අදහස් විමසීමකින් තොරව හැරී කුමරුන් සහ මේගන් මාර්කල් ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් හැරී කුමරුන් ප්‍රකාශ කර සිටියේ මේගන් මාර්කල් අමෙරිකාවේ උපත ලැබීමත් ඉදිරියේදී බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් දෙකෙහිම කටයුතු කිරීමටත් සිදුවීම මෙම තීරණයට බලපා ඇති බවයි.

Related posts

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැදවීම අදයි

Mohamed Dilsad

තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වෙයි [LETTER]

Mohamed Dilsad

ජලාශ කළමනාකරණය ට පළපුරුදු නිලධාරීන් අඩුවීම, සුළි කුණාටුවෙන් වූ හානිය ඉහළ යෑමට හේතුවක් – හිටපු ඇමති පාඨලී

Editor O

Leave a Comment