ක්‍රීඩා

අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙල වෙනසක්

(UTV | ඉන්දියාව) –  අද පැවැත්වෙන ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවැන්නේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙල වෙනසක් අපේක්ශා කල හැක.

වාර්තාවන අන්දමට අද දිනයේ ධනංජය ද සිල්වා වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් මැදපෙල ක්‍රීඩා කිරීමේ ඉඩකඩ පවතී.

දෙරට අතර අද (07) තරගය ඉන්දෝර් හිදී පැවැත්වේ.

තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර ගුවාති හී පැවැති පළමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් කාසියේ වාසියට පමණක් සීමාවිය.

 

 

Related posts

සව්රවු ගංගුලි හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහලට

Mohamed Dilsad

නිකොලස් පූරන්ට තරඟ 4ක තහනමක්

Mohamed Dilsad

2019 ලෝක කුසලාන තරගාවලිය අහිමි වන රට?

Mohamed Dilsad

Leave a Comment