දේශීයප්‍රමුඛ පුවත 1

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද සහ හෙට

(UTV | කොළඹ) – පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය අද (07) පාර්ලිමේන්තුවේදී ආරම්භ වීමට නියමිතයි.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1ට පමණ පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව මෙය ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙම සභාව කල් තබන අවස්ථාවේ පසුගිය සිකුරාදා පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණයට වුණු ආකාරයට විවාදය හෙට දිනයේදීත් පැවැත්වෙන අතර ඒ අනුව අද සහ හෙට (08) පස්වරු 6.30 දක්වා මෙම විවාදය පැවැත්වෙනු ඇත.

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරනු ලැබුවේ සභාව කල් තැබීමේ විවාදයක් බැවින් මෙහිදී ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බවයි.

Related posts

මහින්ද දේශප්‍රියගේ ප්‍රකාශයකට බන්දුල එරෙහි වෙයි [VIDEO]

Mohamed Dilsad

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට බාහිර පුද්ගලයන්ට ඇතුළ්වීම තහනම්

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සේවය යළිත් සම්මානයට පාත්‍ර වෙයි

Mohamed Dilsad

Leave a Comment