ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය යළිත් සම්මානයට පාත්‍ර වෙයි

(UTV| කොළඹ) – ඉන්දියානු සාගර කළාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය තෙවන වරටත් සම්මානයට පාත්‍ර වී තිබේ.

ඒ 25 වන ලෝක සංචාරක සම්මාන උළෙලේ දීය.

ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරයේ විවිධ අංශ හදුනා ගැනීම සහ එම සංචාරක ව්‍යාපාරයේ විශිෂ්ඨතා ඇගැයීමට මෙම මෙම ලෝක සංචාරක උළෙල පැවැත්වේ.

මෙම සම්මාන ප්‍රධානෝත්සවය පෘතුගාලයේ , ලිස්බන් නුවර දී පසුගියදා පැවැත්වූණි.

එහිදී අදහස් දැක්වූ ලෝක සංචාරක සම්මාන උළෙලේ නිර්මාතෘ ග්‍රහැම් කුක් මහතා ” ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය සේවා වැඩ් දියුණු කිරීම තුළින් සංචාරක ව්‍යාපාරයේ සහ ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීමට පාත්‍ර වී ඇති බව” පැවසුවේය.

ආසියා සහ ඕස්ට්‍රේලේෂියා ලෝක සංචාරක උළෙලේ දී ද , 2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරයට හිමි සම්මානය ද දිනා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බෝ ගසක අත්තක් කඩා වැටී ළමුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

වැට් බදු ගෙවීමට සහන කාලයක්

Mohamed Dilsad

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමෙන් පරිත්‍යාග කල ගිනි නිවන රථ දෙකක් භාරදෙයි

Mohamed Dilsad

Leave a Comment