ප්‍රමුඛ පුවත 1

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමෙන් පරිත්‍යාග කල ගිනි නිවන රථ දෙකක් භාරදෙයි

(UTV| කොළඹ) – ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 151ක් වටිනා ගිනි නිවන රථ දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ මැදිහත්වීමෙන් මෙකී ගිනි නිවන රථ පරිත්‍යාග ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු අතර, ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ එරංගා තිලකරත්න මහත්මිය විසින් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබීය.

මෙම ගිනි නිවන රථ දෙක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භාවිතය සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වෙත භාරදීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.

වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිරිපා වන්දනා සමය උඳුවප් පෝ දිනයෙන් ඇරඹේ

Mohamed Dilsad

“කවුරු අකමැති වුණත් නැතත් අපි පාතාලය මර්දනය කරනවා”-ඇමතිනී තලතා අතුකෝරාල කියයි

Mohamed Dilsad

පී. හැරිසන්ගේ සහ රංජිත් මද්දුමගේ අමාත්‍ය ධුර සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment