ප්‍රමුඛ පුවත 1

පී. හැරිසන්ගේ සහ රංජිත් මද්දුමගේ අමාත්‍ය ධුර සංශෝධනයක්

(UTV| කොළඹ) – අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් දරන ලද රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය කර ඇත.

එමෙන් ම අමාත්‍ය පී. හැරිසන් මහතා විසින් දරන ලද කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය කෘෂිකර්ම, ග‍්‍රාමිය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය වී තිබේ.

අමාත්‍යවරු දෙදෙනා වෙත නව පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (26 ) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්නාරම සමූහ මිනි වළ ගැන අවසන් තීන්දුවක් දෙන්න සුදානම්.

Mohamed Dilsad

වසර 2025 වනවිට සෘජු විදේස් ආයෝජන ඉහළ නැංවීමට පියවර

Mohamed Dilsad

හෙට බද්දේගම ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.

Mohamed Dilsad

Leave a Comment