දේශීය

වරලත් විශ්වවිද්‍යාලයක් දියතලාවටත්

(UTV |බදුල්ල) – දියතලාව මිනින්දෝරු හා සිතියම් ගතකිරීමේ අභ්‍යාස ආයතනය වරලත් විශ්වවිද්‍යාලයක් ලෙස උසස් කිරීමට රජය තීරණය කරයි.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන මෙම අභ්‍යාස ආයතනයට තවත් නව පාඨමාලා රැසක් එක්කරමින් මෙම පියවර ගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා එම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

එහිදී ඔහු සඳහන් කළේ අ.පො.ස.(උ.පෙළ) සමත් සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමේ අරමුණින් මෙම ආයතනය වරලත් විශ්වවිද්‍යාලයක් ලෙස උසස් කිරීමට තීරණය කළ බවයි.

විශේෂයෙන් උසස් පෙළ සමත්වන හැම සිසුවකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුළුල් කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බැවින්  ඒ අනුව මෙම පියවර ගනීමට් නියමිතය.

Related posts

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 948 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment