දේශීය

රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙකුට විශේෂ ගැසට් නිවේදන

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකුට රාජ්‍ය ආයතන සහ වගකීම් පවරමින් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

ජෝන් සෙනවිරත්න, ශෙහාන් සේමසිංහ, දුමින්ද දිසානායක සහ රංජිත් සියඹලාපිටිය යන රාජ්‍ය අමාත්‍යවරුන්ට එලෙස වගකීම් හිමිවී තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදන අගමැති මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් නිකුත් කර ඇත.

අග්‍රමාත්‍යවරයා යටතේ පවතින අමාත්‍යාංශවල ජාතික ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව පොදු ව්‍යාපාර දෙපාර්තමේන්තුව, වෙළඳ සහ ආයෝජන දෙපාර්තමේන්තුව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව, සමාගම් ලියංපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, වාණිජ දෙපාර්මේන්තුව සහ තිරසාර සංවර්ධන සභාව යන ආයතන රාජ්‍ය අමාත්‍ය, ජෝන් සෙනෙවිරත්න යටතට පවරා ඇති බව සඳහන් වෙයි.

ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා යටතට ණය තොරතුරු කාර්යාංශය, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව, අපනයන සංරක්ෂණ මණ්ඩලය, ග්‍රාමීය සංවර්ධන බැංකුව සහ නිවාස සංවර්ධන මූල්‍ය සභාව පවරා තිබේ.

ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා යටතේ පවතින ජාතික තරුණ සේවා සභාව, ජාතික තරුණ සේවා සම්මත අධිකාරිය, ජාතික තරුණ සේවා සමූපාකාර නායකත්ව සංවර්ධන අමාත්‍ය දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා යටතට පවරා ඇති බව සඳහන් වෙයි.

අධ්‍යාපන ප්‍රකාශන දෙපර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රකාශන සංවර්ධන කාර්යාංය, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය, පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යටතට මෙලෙස පවරා තිබේ.

Related posts

මැලේසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

Mohamed Dilsad

බද්ද වැඩිකරන්න කලින් ආණ්ඩුවට හිතවත් කූඨ ව්‍යාපාරිකයින් ලොකු ලූණු ටොන් 18000ක්, අල ටොන් 23000ක් ගෙන්නලා

Editor O

Leave a Comment