දේශීය

මහරගම අවට ප්‍රදේශ කීපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

(UTV| කොළඹ) – හෙට (07) පෙරවරු 9.00 සිට පසුදින (28) පෙරවරු 9.00 දක්වා පැය 24 ක කාලයක් මහරගම හා තවත් ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ හා පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

කළටුවාව සිට මහරගම දක්වා ජලය සැපයෙන ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

වෛද්‍ය චමල් සංජීවට සමගි ජන බලවේගයේ තනතුරක්

Editor O

වැලි ජාවාරමක් වැටලීමට ගිය කොස්තාපල්වරයෙකු ටිපර් රථයකට යට කර ඝාතනය කෙරේ

Mohamed Dilsad

“ඥානසාර හිමිට එරෙහිව නීතිය වහාම ක්‍රියාත්මක කරන්න” – ACMC [VIDEO]

Mohamed Dilsad

Leave a Comment