දේශීය

කොළඹ නගරයේ මාර්ග කිහිපයක් යටවෙයි

(UTV | කොළඹ) – තුම්මුල්ල ප්‍රදේශය ඇතුළුව කොළඹ නගරයේ මාර්ග කිහිපයක් අද (02) පස්වරුවේ කොළඹ නගරයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමග ජලයෙන් යටවී තිබුණි.

අද පස්වරු 4 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අනාවැකියේ සඳහන් වන්නේ ඉදිරි පැය 36 සඳහා පළාත් රැසකට වැසි ඇති විය හැකි බවයි.

අද රාත්‍රියේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරුමැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වේ.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබුනේ ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ වැසි ඇතිවිය හැකි බවයි.

Related posts

අධිකරණ සේවකයෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

Editor O

අයවැය 2022

Mohamed Dilsad

නෞකාව ගිනි ගැනීම නිසා අසරණ වූ ධීවරයින්ට සහන දෙන්නැයි, කතෝලික පියතුමන්ලා ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment