විදෙස්

ඩොනල්ඞ් ට්‍රම්ප් දෝෂාභියෝගය පරදී

(UTV | කොළඹ) – කොංග්‍රස් මණ්ඩලයේ පැවති දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරාජයට පත්වී තිබේ.

දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230 ක් ලැබී ඇති අතර, විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 197 ක් පමණි.

මෙම දෝෂාභියෝග චෝදනාව කොංග්‍රස් මණ්ඩලයේදී සම්මත වුවද, රිපබ්ලිකන් බලය සහිත සෙනෙට් සභාවේදී සම්මත වීම අවිනිශ්චිත අතර ජනපති ට්‍රම්ප් බලයෙන් පහ කිරීමට සෙනෙට් සභාව තුල දෝෂාභියෝගය තුනෙන් දෙකක බහුතරයකින් අනුමත කළ යුතු වේ.

මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කර ඇත්තේ 2020 එරට ජනාධිපතිවරණය සදහා තරඟ කරන සිය ප්‍රතිවාදී අපේක්ෂකයෙකු වන ජෝ බයිඩ්න්ට එරෙහිව යුක්රේනයේ ජනාධිපතිවරයාගේ සහය ඉල්ලා සිටීම හේතුවෙන් සහ සිය දේශපාලන ප්‍රතිරූපය නංවා ගැනීමට බලය අනිසි ලෙස යොදා ගත් පවසමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුව ආවරණයක් නොපැළඳි ඔස්ට්‍රේලියා උප අගමැතිට දඩ මුදලක්

Mohamed Dilsad

ඇමෙරිකාවේ කොලරාඩෝ හී වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 ක් මරුට

Mohamed Dilsad

සර්පයෙක් අල්ලන පාසල් දරුවෙක්(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment