ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ අතුරු වාර්තාව අද ජනපතිට

(UTV | කොළඹ) – අද (19) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අතුරු වාර්තාව භාරදීමට නියමිතයි.

ජනාධිපති කාර්යාලයේදි කොමිසමේ සාමාජිකයන් විසින් එය ජනාධිපතිවරයාට භාරදෙනු ඇත.

පසුගිය සැප්තැම්බර් මස 22 වනදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරිමට මෙම කොමිෂන් සභාව පත්කරනු ලැබුවේය.

මෙම කොමිසමට මහජන පැමිණිලිද 65 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති අතර ගතවූ මාස 3 කට ආසන්න කාලය තුළදී පුද්ගලයන් 30 දෙනෙකුගෙන් පමණ කොමිසම ප්‍රකාශ ලබාගෙන තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජකරුණා, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.ආර්. අධිකාරී කටයුතු කරනු ලැබේ.

ලබන වසරේ පෙබරවාරි 20 වනදායින් කොමිසමේ කාලය අවසන් වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ වෛද්‍යවරුන් අද තීරණක් ගන්න සුදානම්

Mohamed Dilsad

හිටපු අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ඉකුත් ආණ්ඩුවේ කුරිරු පාලනයක් ගෙන ගිය පුද්ගලයන් නැවතත් කරලියට

Mohamed Dilsad

Leave a Comment