විදෙස්

මුව ආවරණයක් නොපැළඳි ඔස්ට්‍රේලියා උප අගමැතිට දඩ මුදලක්

(UTV | ඔස්ට්‍රේලියාව) – මුව ආවරණ නොපැළඳ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ උප අගමැති බාර්නබි ජොයිස් ට ඩොලර් 200 ක දඩ මුදලක් නිකුත් කර තිබෙනවා.

නිවු සවුත් වේල්ස් හි ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල් මිළයට ගැනීමේදී ඔහු මුව ආවරණයක් පැළඳ සිට නොමැති බව සඳහන්.

නිවු සවුත් වේල්ස් ඇතුලු ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත රැසක් මේ වනවිට කොවිඩ් පාලනය කිරීමේ දැඩි අර්බුදයකට මුහුණදී සිටින අතර ඒ අනුව සියලු ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වනවා.

එහෙත් උප අගමැතිවරයා එලෙස මුව ආවරණයක් පැළඳ නොමැති බව දුටු පුද්ගලයෙකු ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සී සී ටී වී දර්ශන පරීක්ෂා කර ඔස්ටේ්‍රලියාවේ උප අගමැති බාර්නබි ජොයිස් ට මෙම දඩ මුදල නියම කර ඇති බවයි එරට වාර්තා කියාසිටියේ.

Related posts

MonkeyPox තවත් රටවල් 3කට පැතිරෙයි

Mohamed Dilsad

ඉන්දීය ධීවර යාත්‍රා වහාම ගෙන්වා ගන්නැයි අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

නව තමිල්නාඩු මහඇමතිනිය හෙට දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment