ප්‍රමුඛ පුවත 1

ත්‍රීරෝද රථ වල මීටරය අනිවාර්යයි

කුලියට තැනැත්තන් හෝ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා හෝ අන්‍යාකාරයකින් මෝටර් ට්‍රසියිකලයක් භාවිතා කරනු ලබන සෑම මෝටර් ට්‍රයිසිකලයක අයිතිකරු විසින් සියලු අවස්ථාවල දී ක්‍රියාත්මකව පවතින ටැක්සි මීටරයක් එහි සවිකර තිබිය යුතු බවට මෝටර් වාහන පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.

2017 ජනවාරි 09 වැනි දින ප්‍රසිද්ධ කරන ලද අංක 2001/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ගාස්තු ගෙවීමෙන් පසු ඒ වෙනුවෙන් රිසිට් පතක් නිකුත් කිරීම ද මෝටර් ට්‍රයිසිකලයේ රියැදුරාගේ වගකීමක් බවටඑම ගැසට් නිවේදනයේ  සඳහන් කර ඇත.

මීට අමතරව කුලී සේවාවන් සඳහා යොදා ගනු ලබන මෝටර් ට්‍රයිසිකල් හෙවත් ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් තවත් නියමයන් ගණනාවක් අන්තර්ගත වන පරිදි මෙම ගැසට් නියෝගය සිදුකර තිබේ.

Related posts

මොහොමඩ් ඉස්මයිල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දෙයි

Mohamed Dilsad

බස්නාහිර පළාතේ පෞද්ගලික බස්රථ අද සිට අදාළ පැහැය ගැන්විය යුතුයි.

Mohamed Dilsad

රටක් ගොඩනැගීමට ජනතාව කැපවිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment