ප්‍රමුඛ පුවත 1

රාජකීයට සිසුන් ඇතුලත් කිරීම සඳුදා සිට යළි අරඹයි

 

(උදයම්,කොළඹ ) – දැනට අත්හිටුවා ඇති කොළඹ රාජකීය විද්‍යාලයයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  පවසයි.

 

අද සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පැවසුවේ වංචනික ක්‍රියාවලින් තොරව නිසි ක්‍රමවේදයට ඇතුළත් කළ සිසුන් පමණක් සඳුදා සිට බඳවා ගන්නා බවයි.

 

වංචනික ලෙස ඇතුළත් කිරීමට උත්සාහ කළ සිසුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ලබාදෙන පාසලකට ඇතුළත්වීමට සිදුවන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

 

රාජකීය විද්‍යාලයට සිසුන් ඇතුළත්කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි අනුව සිසුන් ඇතුළත් කිරීම තාවකාලිකව නවත්වා විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 

දැනට එම සිසුන් 147 දෙනෙකු සම්බන්ධව කළ ස්ථානීය පරීක්ෂණවලදී ඉන් සිසුන් 31 ක්ම ඇතුළත් කර ඇත්තේ වංචනික ලෙසින් බව හෙළිවී ඇත.

 

 

රථ ගාලක, මුරකුටි, පල්ලි, ව්‍යාපාරික ස්ථාන, තානාපති කාර්යාල, ඉදිවෙමින් පවතින ගොඩනැගිලි මෙන්ම පදිංචියට කිසිසේත් සුදුසු නැති ස්ථානවල ලිපින යොදා ඇතැමුන් රාජකීය විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමට උත්සාහ ගෙන ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

එස්.බීට සහ ඩිලාන්ට ශ්‍රීලනිපය සුදානම්

Mohamed Dilsad

මිනිස් ජාවාරම් පිළිබඳ සොයා බැලීමේ ඕස්ට්‍රේලියානු තානාපති නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

Mohamed Dilsad

කෘතීමව රා නිපදවන ස්ථානයක් වටලයි

Mohamed Dilsad

Leave a Comment