ප්‍රමුඛ පුවත 1

බස්නාහිර පළාතේ පෞද්ගලික බස්රථ අද සිට අදාළ පැහැය ගැන්විය යුතුයි.

(UTV| කොළඹ) – බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරනවා දැයි සොයා බැලීමට අද (01) සිට පුළුල් මෙහෙයුමක් සිදුකරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න පවසයි.

තවද අද (01) සිට මගීන්ට ප‍්‍රවේශ පත‍්‍රයක් ලබාදෙනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ද වැටලීම් මාලාවක් ආරම්භ කරන බව එතුමා වැඩිදුරටත් කියා සිටියේය.

මගීන්ට ප‍්‍රවේශපත‍්‍රයක් ලබාදීම අනිවාර්ය වුවත් මේ වනවිට එය නිසි පරිදි සිදු නොවන බවද සභාපතිවරයා පැවසුවා.

මිට අමතරව අද (01) සිට බස්නාහිර පළාතේ සියළු පෞද්ගලික බස් රථ සඳහා ලබාදී ඇති වර්ණයට වැඩ පිටින් යන වෙනත් වර්ණයක් භාවිතා කර තිබේ නම් ඒවා වහා නිවරැදි කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව අද සිට ලබාදෙන මාස තුනක සහන කාලය තුළදී සියළු පෞද්ගලික බස් රථ අදාළ පැහැය ගැන්විය යුතු අතර බස්රථ සේවකයින්ට ලබාදී ඇති නිල ඇදුමද අද සිට දැඩිව පරීක්‍ෂා කරන බව සභාපති තුසිත කුලරත්න මහතා වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

ශ්‍රී ලංකාව සහ බංගලාදේශයට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ කණගාටුව

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩ සහ රොෂාන් ගුණතිලකට තනතුරු අභිෂේක ගැන්වීම අදයි [Video]

Mohamed Dilsad

පාර්ලිමේන්තුව හදිසියේ කැඳවයි

Mohamed Dilsad

Leave a Comment